සීතලට
ගුලි වෙච්ච...
ඇගිලි පොඩි
දිග ඇරන්...
මිනිස්කම
සොයනු වස්...
යදින්නට
අර අදින...
හීනියට පණ
පොවපු...
කෙසග රළු
පොඩි සිරුර...
අද්දමින්
තැනින් තැන...
දුටු මහද
සසල විය....
මව පියා
කොහි වීද...
නුඹ කොතැන
යන්නේද...
පුතුනි මම
සොයන්නෙමි...
නුඹ මෙසේ
වූ කරුණ...
පාට පිරි
සංකාර...
ලයිට් වැල්
කොඩි ගාව...
ලොකු කෑම
කඩ ගාව...
නුඹෙ දෙතොල්
තෙමෙන සද..
වියලුනා මා
මුවග...
නුඹට නැති
අයිතියක...
සසරේම තව
දුකක..
අරුම දැක
බඩගින්න...
මා ලබැදි කිවිඳිය
ReplyDeleteනුබගේ සිතට දැනෙන මිනිස්කම අන් හදවත් වලටත් දැනේනම්....
සෝපාකලා දන්සැල් වල පෝලිම් වල දක්නට නොලැබේවි අපට මේ ලෙසේ...
නුබ හද ගැබේ ඇති වු කැලබීම එක් කලා මගේ නෙතට කදුලත් හිතට පහන් සන්වේගයත්...
මා ලබැදි කිවිඳිය පුලුවන් වුයේනම් මේ කවියෙන් සමාජයට හිතන්නට යමක් ලබා දෙන්න එය ඔබේ ජයයි...
සදා ජයෙන් ජය
sthuthi sahodaraya...
Delete