එන්න හැකියාවන් පෙන්වන්න..

Tuesday, March 8, 2016

පටිඝය...

නොමිනිස්කම
රුහිරට හැරී...
ගංගාවක් සේ
දියඹට ඇදෙනයුරු....
සෙමින් නමුත්
හැකි ඉක්මනටම...
මනසින් දැක
සිතේ ඇදගත්තෙමි..
සයුරට ගිය පසු
ගිලෙන්නේ
මම ම බව දැන....
තරහව නම් ඒ
පාපී සිතුවිල්ල
ක්ෂණයෙන්
අත් හලෙමි...
සිතින්
කයින්
වදනින්....
හිරු දුටු
පිනි බිදක්
විලසට...
යලි මවෙත
නොඑන්නටම...
තවකෙක් පෙළන්නට
අවියක් විලසින්..



2 comments:

  1. මා ලබැදි කිවිඳිය...

    සියුමැලි නුබගේ සිතේ මැවෙනා
    මේ මිනිසත් සිතට ලබාගතහැකි අගනා ඔවදන්
    කියවා තෙරුම් ගෙන
    හැකිනම් තරහව පරාජය කරන්නටත්... වෛරය පලිගැනීම් නවතන්නටත්...
    එය ඔබ මේ සයිබර් අවකාශයේ කරන වීර්යය සාර්ථක වන්නේය...
    ඔබට සදා ජයෙන් ජය
    මේ කරනා මහගු සත් ක්‍රියාවට ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවායි පතමි

    ReplyDelete
  2. ස්තූතියි සහෝදරයා...

    ReplyDelete