එන්න හැකියාවන් පෙන්වන්න..

Monday, February 1, 2016

සුදු නෙළුම...

පා පිස්නක් වී
බුදු හිමි පාමුල...
රැදෙනට නොහැකිව
සිත් අලවාගෙන...
භවයෙන් භවයට
සසර පතාගෙන...
ආවෙමි පුදසුන
සරසාලන්නට....

ආ මග කෙටි බව
සිතින් දරාගෙන...
යා යුතු මග තව
ඇතැයි සිතාගෙන...
කරනෙමි වීරිය
මතු දින පිපෙනට...
මෙතේ බුදුන් දැක
සසර නිවන්නට...

1 comment:

  1. අශාවන් පොදි බැදගෙන දුවන සමාජයේ....
    නුබගේ මේ පැතුම දිනක ඉශ්ට වේවායි ඉත සිතින් පතමි ...
    වෙන්නට සුදු නෙලුමක් බුදු හිමි පාමුල.
    සදා ජයෙන් ජය නුබට කිවිඳිය

    ReplyDelete