කදුලැලි වැටෙනා
දෑස වසන් කර...
දුටුවෙමි නොලැබෙන
උදා ඉරක්...
සිනහව යට මුදු
හද පාගන්නට...
පැතුවෙමි නොවිදින
සොයන හෙටක්...
අනියත නම් මේ
ජීවිත නැව තුළ...
සිරවුණු කය මා
අතැර දුරක්..
යන්නට යන බව
දැනගෙන මොනවට...
ලතවෙනු අද දින
දිවිය සොයන්...
ඉර බැස යන මග
සද පායන විට...
බලනෙමි නෙතු යුග
අහස සරන්...
කියනට මම හෙට
නුබ වෙත එන බව...
දිවියෙන් සමුගෙන
දිවිය සොයන්...
වේදනාව හොදින් අදුනන කිවිඳිය...
ReplyDeleteනුබට හැකිවිය සදාකල් මරණයත් ජීවිතයත් අතර සැමදා සටනක යෙදෙන්නකුගේ සිතැඟි අදුනා කවිකර එය ලියන්නට...
ඔබගේ මේ කවියට මාගේ උපහාරය පිලිගන්වමි හද පිරි සතුටින්...
ස්තූතියි සොයුර..ඔබේ වදන් මට ශක්තියක්..
ReplyDeleteස්තූතිය හද පිරි සතුටිනුත්... ඔබට වදනකින් හෝ ශක්තියක් ලබදීමට මා සමත් වුයේ නම් එයටද මා ඉතාම සතුටු වෙමි.
ReplyDelete