එන්න හැකියාවන් පෙන්වන්න..

Tuesday, February 23, 2016

මිරිගුවක් පසුපස...

නොලැබෙනා නුඹ
මා වෙලාගෙන...
අරුම සිත ලග
නතර කරගෙන...
කාටවත් නැති
පාට අරගෙන....
මගේ යටි සිත
පෙලන අන්දම...

හඔා එමි මම
තවත් දුරකට....
දෑත් විහිදා
සිනාසෙන්නට...
නුඔට නැති මා
හද යටින් නැගි....
ශෝක ගිනි සිළු
නිවාලන්නට....

දෙන්න අවසර
ලැගුම් ගන්නට....
නුඹේ සිත් ඉඩ
ලැබෙන තරමට....
අහිමි වන තෙක්
නොපෙනෙනා නුඹ...
යදින්නට බැරි
මිරිගු සිත යට...




5 comments:

  1. Adaraniyaaa ayachanaya....harima lassanaiii

    ReplyDelete
  2. කිසිම දාක ඒ මිරුගුවේ අසරන නොවන්න මා ලබැදි කිවිඳියේ....

    ReplyDelete
  3. ANU OYA SUPERB MN FORUM EKEN LINK WNE

    ReplyDelete