සරිගම පදනි
මුසු කොට....
ගැයෙනා තනුව
මිහිරිය...
උදේ සිට
සවසට..
ඇසෙන
කිචි බිචි
මවිතය....
ගියෙමි ගීතය
පසුපස...
දකිනු රිසියෙන්
ආලය...
කුරුළු තුඩකින්
සරි කල..
මහද සත්සර
ඉපැදුව...
වහලෙ කොණකින්
ඉහළට...
බදින ලද
පොඩි කූඩුව...
සොදුරු ගෙපැලක
අසිරිය...
මැවිය මාගේ
මනසට...
කුරුල්ලා එයි
හනිකට...
කිරිල්ලිය යයි
සහයට...
පැටවුන් තුනක්
අභියස...
කරන යුද්ධය
මහතය...
කුරුළු හදවත
හදුනන....
මිනිස් ලොව නැති
දරු දුක...
අනේ අපටත්
දෙනු මැන...
නුඹේ ගීතය
මනහර...
ගෙදර ඇතුලේ බැදුණු පුන්චි කුරුලු කුඩුවේ දින දින දකින පවුල් බැදීම... කුරුලු පැටවුන් ගේ කිචි බිචි නාදය සප්ත ස්වරයට මුසු කොට ස්වභාව සෞන්දර්ය එකට කැටි කොට ඇති අපුර්ව නිසදැස මනාය.
ReplyDeleteඔබට ජයෙන් ජය තවත් කවි සිතුවිලි ලියන්නට මෙම සයිබර් අවකාශයේ....