සීතලට
ගුලි වෙච්ච...
ඇගිලි පොඩි
දිග ඇරන්...
මිනිස්කම
සොයනු වස්...
යදින්නට
අර අදින...
හීනියට පණ
පොවපු...
කෙසග රළු
පොඩි සිරුර...
අද්දමින්
තැනින් තැන...
දුටු මහද
සසල විය....
මව පියා
කොහි වීද...
නුඹ කොතැන
යන්නේද...
පුතුනි මම
සොයන්නෙමි...
නුඹ මෙසේ
වූ කරුණ...
පාට පිරි
සංකාර...
ලයිට් වැල්
කොඩි ගාව...
ලොකු කෑම
කඩ ගාව...
නුඹෙ දෙතොල්
තෙමෙන සද..
වියලුනා මා
මුවග...
නුඹට නැති
අයිතියක...
සසරේම තව
දුකක..
අරුම දැක
බඩගින්න...
Sunday, February 28, 2016
Wednesday, February 24, 2016
පිළිකාව...
කදුලැලි වැටෙනා
දෑස වසන් කර...
දුටුවෙමි නොලැබෙන
උදා ඉරක්...
සිනහව යට මුදු
හද පාගන්නට...
පැතුවෙමි නොවිදින
සොයන හෙටක්...
අනියත නම් මේ
ජීවිත නැව තුළ...
සිරවුණු කය මා
අතැර දුරක්..
යන්නට යන බව
දැනගෙන මොනවට...
ලතවෙනු අද දින
දිවිය සොයන්...
ඉර බැස යන මග
සද පායන විට...
බලනෙමි නෙතු යුග
අහස සරන්...
කියනට මම හෙට
නුබ වෙත එන බව...
දිවියෙන් සමුගෙන
දිවිය සොයන්...
දෑස වසන් කර...
දුටුවෙමි නොලැබෙන
උදා ඉරක්...
සිනහව යට මුදු
හද පාගන්නට...
පැතුවෙමි නොවිදින
සොයන හෙටක්...
අනියත නම් මේ
ජීවිත නැව තුළ...
සිරවුණු කය මා
අතැර දුරක්..
යන්නට යන බව
දැනගෙන මොනවට...
ලතවෙනු අද දින
දිවිය සොයන්...
ඉර බැස යන මග
සද පායන විට...
බලනෙමි නෙතු යුග
අහස සරන්...
කියනට මම හෙට
නුබ වෙත එන බව...
දිවියෙන් සමුගෙන
දිවිය සොයන්...
Tuesday, February 23, 2016
මිරිගුවක් පසුපස...
නොලැබෙනා නුඹ
මා වෙලාගෙන...
අරුම සිත ලග
නතර කරගෙන...
කාටවත් නැති
පාට අරගෙන....
මගේ යටි සිත
පෙලන අන්දම...
හඔා එමි මම
තවත් දුරකට....
දෑත් විහිදා
සිනාසෙන්නට...
නුඔට නැති මා
හද යටින් නැගි....
ශෝක ගිනි සිළු
නිවාලන්නට....
දෙන්න අවසර
ලැගුම් ගන්නට....
නුඹේ සිත් ඉඩ
ලැබෙන තරමට....
අහිමි වන තෙක්
නොපෙනෙනා නුඹ...
යදින්නට බැරි
මිරිගු සිත යට...
මා වෙලාගෙන...
අරුම සිත ලග
නතර කරගෙන...
කාටවත් නැති
පාට අරගෙන....
මගේ යටි සිත
පෙලන අන්දම...
හඔා එමි මම
තවත් දුරකට....
දෑත් විහිදා
සිනාසෙන්නට...
නුඔට නැති මා
හද යටින් නැගි....
ශෝක ගිනි සිළු
නිවාලන්නට....
දෙන්න අවසර
ලැගුම් ගන්නට....
නුඹේ සිත් ඉඩ
ලැබෙන තරමට....
අහිමි වන තෙක්
නොපෙනෙනා නුඹ...
යදින්නට බැරි
මිරිගු සිත යට...
Monday, February 15, 2016
ගීතය..
සරිගම පදනි
මුසු කොට....
ගැයෙනා තනුව
මිහිරිය...
උදේ සිට
සවසට..
ඇසෙන
කිචි බිචි
මවිතය....
ගියෙමි ගීතය
පසුපස...
දකිනු රිසියෙන්
ආලය...
කුරුළු තුඩකින්
සරි කල..
මහද සත්සර
ඉපැදුව...
වහලෙ කොණකින්
ඉහළට...
බදින ලද
පොඩි කූඩුව...
සොදුරු ගෙපැලක
අසිරිය...
මැවිය මාගේ
මනසට...
කුරුල්ලා එයි
හනිකට...
කිරිල්ලිය යයි
සහයට...
පැටවුන් තුනක්
අභියස...
කරන යුද්ධය
මහතය...
කුරුළු හදවත
හදුනන....
මිනිස් ලොව නැති
දරු දුක...
අනේ අපටත්
දෙනු මැන...
නුඹේ ගීතය
මනහර...
මුසු කොට....
ගැයෙනා තනුව
මිහිරිය...
උදේ සිට
සවසට..
ඇසෙන
කිචි බිචි
මවිතය....
ගියෙමි ගීතය
පසුපස...
දකිනු රිසියෙන්
ආලය...
කුරුළු තුඩකින්
සරි කල..
මහද සත්සර
ඉපැදුව...
වහලෙ කොණකින්
ඉහළට...
බදින ලද
පොඩි කූඩුව...
සොදුරු ගෙපැලක
අසිරිය...
මැවිය මාගේ
මනසට...
කුරුල්ලා එයි
හනිකට...
කිරිල්ලිය යයි
සහයට...
පැටවුන් තුනක්
අභියස...
කරන යුද්ධය
මහතය...
කුරුළු හදවත
හදුනන....
මිනිස් ලොව නැති
දරු දුක...
අනේ අපටත්
දෙනු මැන...
නුඹේ ගීතය
මනහර...
Tuesday, February 9, 2016
වැට
අදහස් එකට කැටිකොට
පේළියට පේළියට පහලට...
ලියාගෙන ගියෙමි මම
කොළයක් පුරා හරහට...
වැරදි තැන් ලඝු කොට
සුළු තැන් නිතර දික් කර...
මැවුණු කවි සිත මහද
කියා දුන්නෙමි මෙසේ පවනට...
දික් පෙළ වදන් පිරුවට
ගෙතෙන කවි පද සිතුවම...
අහවර කළෙමි අවසන
වැටක් ගසමින් නිසදැස....
මාගේ “නිසදැස“ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න...
පේළියට පේළියට පහලට...
ලියාගෙන ගියෙමි මම
කොළයක් පුරා හරහට...
වැරදි තැන් ලඝු කොට
සුළු තැන් නිතර දික් කර...
මැවුණු කවි සිත මහද
කියා දුන්නෙමි මෙසේ පවනට...
දික් පෙළ වදන් පිරුවට
ගෙතෙන කවි පද සිතුවම...
අහවර කළෙමි අවසන
වැටක් ගසමින් නිසදැස....
මාගේ “නිසදැස“ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න...
Tuesday, February 2, 2016
අනන්තය තෙක්...
ධනවාද
බලවාද මැද...
කඩතුර වසන
ජාතිවාදය...
අනන්තය
තෙක්
මිනිස්කම පාගා...
නුඹ මා
මරා දමනා දින...
හෙට වුවොත්?
එනිසා
දකින්න...
මේ විසල්
වචන යට...
මිනිස් කම
පණ පුදා
ඇති අයුරු...
බලවාද මැද...
කඩතුර වසන
ජාතිවාදය...
අනන්තය
තෙක්
මිනිස්කම පාගා...
නුඹ මා
මරා දමනා දින...
හෙට වුවොත්?
එනිසා
දකින්න...
මේ විසල්
වචන යට...
මිනිස් කම
පණ පුදා
ඇති අයුරු...
Monday, February 1, 2016
සුදු නෙළුම...
පා පිස්නක් වී
බුදු හිමි පාමුල...
රැදෙනට නොහැකිව
සිත් අලවාගෙන...
භවයෙන් භවයට
සසර පතාගෙන...
ආවෙමි පුදසුන
සරසාලන්නට....
ආ මග කෙටි බව
සිතින් දරාගෙන...
යා යුතු මග තව
ඇතැයි සිතාගෙන...
කරනෙමි වීරිය
මතු දින පිපෙනට...
මෙතේ බුදුන් දැක
සසර නිවන්නට...
Subscribe to:
Comments (Atom)