අදුරට පෙම් බැදි
ම හද කලාවක....
තනි වුණ සිත යට
සසර සෙවූ නුඹ...
සුදු සැරයටියෙන්
මා යන මග තොට...
නුඹෙ ඇස් පාදා
එළි කල අන්දම...
මල් පෙත්තක් සේ
මා අත අරගෙන....
පා පැකිලෙන ගල් මුල්
පසු කරගෙන...
ආදර හදවත් ගැවසෙන
උයනක...
නුඹෙ ඇස් අතරින්
දුටුවෙමි ලෝකය...
නැතිමුත් වරමක්
නුඹෙ රුව දැකුමට...
පතනෙමි මතු දින
නුඹෙ අත ගන්නට...
මතු උපදින තව
ලස්සන භවයක...
මේ නෙතු නුඹ හට
යලි පුද දෙන්නට...
මා ලබැදි කිවිඳිය...
ReplyDeleteසිත කියවා ලියු කවියට
ආදරය කරමි හදවතින්ම.
නුබගේ ඉදිරි ගමනටත් වන්නට ශක්තියක්
හැකි නම් මට එයයි මා ලද බාග්‍යය මේ බවයේ ලද.
ස්තුතියි
මේ නුබ සොයුරු උදය රංගජීව
මාව දිරිමත් කලාට ස්තූතියි සහෝදරයා...
Delete