තරු අවන්හල - පෙනෙන මානෙක
නොලද සතුටක - සුවද විදිනට....
ඇසින් කදුලැලි - වැටෙන ගානේ
බලන ඇගෙ නෙතු - තවම ළපටිය...
රතු තැඹිලි කහ - "බැලුන්"අභියස
ඇසෙන සුරගන - කිකිණි නාදය....
ගෙනෙයි මිහිරක් - ඇගේ සිතටද
කදුළු කැට මැද - මද සිනහවක...
පාද පොඩි යුග - ඇදෙන වේගෙට
කළේ තරණය - පාර හරහට...
නැවතුනා ඇය - සතුට වෙන් කල
අවන්හල් ලොකු - කවුළුවක් ළග...
සුරලොවින් වැඩි - දෙවගනක් වට
මොනර සුරපුර - රගන අන්දම...
කවුළුවේ රැදි - දෑස අද්දර
මැවිය මිහිපිට - ඇයට දුර ලොව...
සුභ උපන්දින - ගැයුම් අවසන
කැපූ ඒ ලොව - පෙනෙන පිළිඹුම...
ඇගේ නෙතුපිය - සැලෙන වේගෙට
බොද කලා - ඒ වැසුණු කවුළුව...
නෙතට නැග ආ - පුරුදු කදුලම
ජීවිතේ තුළ - යළිත් සිර කර...
සැරසුණා ඇය - දුරක යන්නට
තම උපන්දින - පැතුම අතහැර....
උපන්දිනයක දැනෙන සතුටක්...
ReplyDeleteවිදින්නට නොහැකි උනු වීදියේ
උන් ලපටි සිත නතරවු තරු අවන්හල
ඇස සිරකෙරූ පහන් ආලෝකය
වර්නවත් කල ඇසේ කදුලත්...
මිලමුදල් නොමැති කල විදින්නට
නොහැකිවූ උපන්දින සතුට...
මොහොතකට අමතක කර
පා නගයි ලපටි සිත යලිත් සුපුරුදු පියවි ලොවටම