එන්න හැකියාවන් පෙන්වන්න..

Sunday, January 24, 2016

තාරකාවක්..

සිහින් සළු ගෙන
නෙලා දුන් වත...
ඈත අහසේ
නිසල භවනක...
සදුට ළං වී
සිනහ මුවගින්...
ඔහුට කවි පද
ලියන අන්දම...

නිහඩ බව පිරි
සොදුරු අරණක...
කිමිද ඉපදී
අහස අභිමුව...
බලා සිටියෙමි
නෙතු විදා මම..
සදුට පිදු නුඹෙ
නොදුටු ආලය...

විඩාබර මගෙ
සැලෙන නෙතු යට...
කවි සිතුම් හද
මැවෙන අන්දම..
බලා සිටියෙමි
මවිතයෙන් නුඹ..
එනතුරා යළි
තරු සිතුම් කව...



2 comments:

  1. ඇසිපිය ගසන හැමතැනම ඔබ ඉන්නවා .....
    නෙත නිදි නැතිව පැතු හීන හිත දවනව ...
    මම දුර ඈත ......ඔබ එක්ක පිය මනිනවා ......................................
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ..........
    හිත දවනව නෙත ඉකිබිදින්වා ..
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ..........
    **********************************
    නෑ සුදු සේල මුතු මාල කුමාරි මගේ..
    නිල් නෙතු දැල හැම දාම අහිමි මගේ..
    මගේ මන මාල හිත තාම නුහුරුඉ වගේ ..
    බැමි බිදද ඔබ ගව සටෙපිමී කෙසේ ..
    හිත රිදෙනවා .....හිත ඉකිගසන්ව ....
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ..........
    ****************************
    ඔබ දුර ඇථ සිටිය්ජය ක තරුවක් වගේ ...
    මම තනියෙන්ම මෙහි මෑත මහා සාගරේ ..
    මතු යම් දිනෙක ඔබ නේන බව මට හැගේ ..
    මිය යන තුරුම තනියෙන්ම වවනු කෙසේ ..
    ගතු කියනවා ... හිත ඉකි බිදිනව ..
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ..........
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ..........
    අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ..........

    ReplyDelete
    Replies
    1. ලස්සනයි යාළුවා..ස්තූතියි මගේ කවි සිතුවිලි අතරට ඔයාගෙ අදහස් එකතු කලාට...

      Delete